අද (01) දිනයේ ද ඇතැම් දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරන්නේ, සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මීට හේතු වී ඇති බවයි.
අවලංගු කරන දුම්රිය අතර කාර්යාලයීය දුම්රිය කිහිපයක් ද වේ.
සේවක හිඟය හේතුවෙන් ඊයේ දිනයේ ද දුම්රිය ගමන් වාර 16ක් අවලංගු කෙරිණ.