World

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන්, 150 දෙනකු මුදා හැරීමට හමාස් සටන්කාමීන් කැමැත්ත පළ කිරීමත් සමඟ සිවු දින සටන් විරාමයකට යෑමට, ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වා සටන් විරාමයකට යෑමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගෙන, ගාසා තීරයට රැගෙන ගියේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.

එදා සිට ඊශ්‍රායල හමුදා, ගාසා තීරයට ගුවනින් සහ ගොඩබිමින් පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් ග්‍රහණෙයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්ය.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ යුද ගැටුම් නැවැත්වීමට, මැදහත් වී සිටින්නේ කටාර් රාජ්‍යයයි. කටාරය නව යෝජනාවක් සකස් කර ඇත්තේ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් මුලුමනින්ම නවත්වා දැමීමටය.

එම යෝජනාව සම්බන්ධයන් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්විය. සිවුදින සටන් විරාමයකට කැමැත්ත පළ වූයේ ඒ අනුවයි.

Related posts

ඇෆ්ඝනිස්තාන විනිසුරුවරියන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

colombotoday

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

colombotoday

බ්‍රිතාන්‍යයේ පාලනය තෙරේසා මේ අතට

colombotoday

ජාත්‍යන්තර අධිකරණයට යටත් නොවූ ක්‍රෝෂියානු හමුදා ජෙනරාල් අධිකරණයේදීම වස බී දිවි නසාගනී (Video)

colombotoday

රුසියාවේ ඉලක්ක ප්‍රහාරවලින් යුක්‍රේනයේ 137 මරුට

colombotoday

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ බවට සැක කොටස් හමුවෙයි

Admin