World

ඇෆ්ඝනිස්තාන විනිසුරුවරියන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

ඇෆ්ඝනිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ විනිසුරුවරියන් දෙදෙනෙක් ව වෙඩිතබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඊයේ ඔවුන් දෙදෙනා සිය සේවා ස්ථානය සඳහා පැමිණෙමින් සිටි අතරතුර හඳුනානොගත් තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් ඔවුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෑතකදී එරට තුළ දේශපාලනඥයින්, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කෙරිණි.

ඝාතනය සම්බන්ධයෙන් කිසිදු කණ්ඩායමක් වගකීම බාරගෙන නොමැති වුවද සැකය එල්ලවී ඇත්තේ තලිබාන් සටන්කරුවන් ටය.

ඇෆ්ඝන් රජයේ නියෝජිතයින් සහ තලිබාන් නායකයින් අතර දෝහා හිදී සාම සාකච්ඡා පැවතුන ද එරට ඝාතන අඩුවී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday

පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

Admin

කාන්තාවකගේ පච්චයක් සිපගත් ෆ්‍රැන්සිස් පාප්තුමා.

colombotoday

හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර

Admin

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin

හනුමාන් දෙවියන්ටත් අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday