Colombo Today Local News

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය වෙඩිතබා අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුව අල්වායි ප්‍රදේශයේදී එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට ප්‍රහාරයක් එල්ලකර ඔහු පළායාමට උත්සාහ ගෙන තිබේ.

එහිදී පොලීසිය විසින් සැකකරුට වෙඩිතබා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

තුවාල ලැබූ සැකකරු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සැකකරු යාපනය ප්‍රදේශයේදී එල්ලවූ කඩු ප්‍රහාර කිහිපයකට සහ සොරකම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවෙකි.

Related posts

මහ මැතිවරණය අගෝස්තු මසට

colombotoday

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම මානව හිමිකම් උල්ලංඝනය කරයි..

colombotoday

ජීවිතය පරදුවට තබා කිඹුලෙක් සමග සටන් කර ජීවිතයක් බේරාගත් හාමුදුරුවෝ

colombotoday

බැදුම්කර වාර්තාවේ ‘කෑල්ලක් හැංගූ‘ හේතුව ජනපති කියයි

colombotoday

ව්‍යාජ PCR මුදලට වික්ක මධ්‍යස්ථානයක් වටලයි

colombotoday

පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

colombotoday