Colombo Today Local News

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)දින මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි.

    මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

    මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ,මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙයි.

    නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි.

    එමගින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදුවෙමින් පවතින ආර්ථික ස්ථායිකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි තමා විශ්වාස කරන අමාත්‍යවරයා සඳහන් කරයි.

    Related posts

    පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකායේ 1200ක්

    colombotoday

    ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

    colombotoday

    මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

    colombotoday

    ඉන්දන මිල සූත්‍රයට ඉදිරියේදී සහනයක්

    Admin

    අගමැති නීතිවිරෝධී වැඩක… ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම අරලියගහ මන්දිරයට කැදවයි…

    colombotoday

    නදීශා ප්‍රසිද්ධියේම ‘සිල් බිඳ ගනී’.. මඩු වල්ගෙන් තලන්න වෙයි!

    colombotoday