Colombo Today Local News

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

වල් ඌරන් දඩයම් කිරීමට කුඹුරක ඇද තිබු විදුලි රැහැනක පැටලී අගලවත්ත පැලෑඳ ගලගංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (09)දින මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බදුරලිය පොලිස් වසමේ ගලගංගොඩ, පැලෑද අගලවත්ත පදිංචි කාරියවසම් මානආරච්චිගේ විදුරංග ගයාෂාන් නමැති 31 හැවිරිදි අයෙකු බව බදුරලිය පොලිසිය පවසයි.

ඔහුගේ දෙමාපියන්ට අයත් නිවසට මිටර් 150 ක් පමණ එහායින් ඇති කුඹුරු ඉඩමේ ඔහු විසින්ම වල් ඌරන් දඩයම් කිරීමට අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර අද එම විදුලි රැහැන් ඉවත් කිරිමට ගිය අවස්ථාවේ දි එම කම්බියක්ම පෑගි විදුලි සැර වැදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි තොතුරු දැනගනනට ඇති බව පොලීසිය කියයි.

Related posts

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

colombotoday

ජන සටන අද උතුවන්කන්දෙන් ඇරඹෙයි

colombotoday

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් වලට පත්කර ඇති විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ පත්වීම නීති විරෝධීයි!

Admin