Colombo Today Local News

දෙවුන්දර මුහුදේ දී අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සමඟ 6ක් අල්ලයි

දෙවුන්දර ගැඹුරු මුහුදේ අධි තාක්ෂණික සැටලයිට් යන්ත්‍රයක් සන්තකයේ තබාගෙන යාත්‍රා කරමින් සිටි පුද්ගලයින් 6දෙනෙකු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 6 දෙනා ඊයේ (08)දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම පිරිස ලබන 14 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දී තිබේ.

ධීවරයින් භාවිතා කරන සැටලයිට් යන්ත්‍රයට වඩා අධිතාක්ෂණයෙන් යුත් සැටලයිට් යන්ත්‍රයක් ඔවුන් සන්තකයේ තිබී සිය භාරයට ගත් බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියේද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත් පොලීසිය මහෙස්ත්‍රාත්වරයා හමුවේ දන්වා තිබේ.

ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් සිම් කාඩ් තුනක් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒවා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද සඳහන් කර ඇත.

Related posts

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු තලේබාන් පාලනය යටතේ සිටින්නට කැමැත්ත පළ කරයි

colombotoday

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin

සැප්තැම්බර් 22 මම ක්ෂණිකව දිවුරුම් දෙනවා

Admin

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

වසර පහකට පෙර රුපියල් 700ක්ව පැවැති රබර් කිලෝවක මිල අද රුපියල් 250 දක්වා පහත වැටිලා

colombotoday