දිස්ත්රික්ක නවයක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව, නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (07) උදාසන 9.00 දක්වා බලපැවැත්වෙනු ඇති.
කොළඹ,ගාල්ල,ගම්පහ,කළුතර,මහනුවර,කෑගල්ල,මාතර,හම්බන්තොට, සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.