Colombo Today Local News

පාසල් ගිය බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්

පරිවාස දෙපාර්තමෙින්තුව අධික්ෂණය යටතේ ඇති බිබිල, ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි, එම බාලිකා නිවාසයේ සහකාර පාලිකාව බිබිල පොලිසියට පැමිණිලිකර තිබේ.

මෙම දැරියන් දෙපල ප්‍රදේශයේ පාසැලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇත.

දැරියන් දෙදෙනා පාසල් බෑග් පන්තිකාමරයේ දමා පාසලෙන් පිටවගොස් ඇති බවට, විදුහල්පතිවරයා, මෙම ළමා නිවාසයේ සහකාර පාලිකාවට දැනුම්දිමෙන් පසු, ඔවුන් ළමා නිවාසයටද නොපැමිණිම නිසා, එම සහකාර මේට්‍රන්වරිය මෙි පිලිබදව බිබිල පොලිසියට පැමිණිලිකිරිමට කටයුතුකර ඇතිබවද බිබිල පොලිසිය පවසයි.

දහසය හැවරිදි මෙම දැරියන් දෙපල පිළිබදව, මෙතෙක් හොඩුවාවක් නැති බවත්, එම දැරියන් පිළිබදව සෙවිමට විශේෂ පොලිස් කණ්ඩායක් යොදවා ඇති බවත් වාර්තා වේ.

Related posts

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරුවල සිටින භික්ෂූන්වහන්සේ ගුරු වෘත්තියට අනුයුක්ත කෙරේ !

colombotoday

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

බදුර්දීන්ගේ දූෂණ හෙළිකලැයි සතොස සභාපති තනතුරින් නෙරපයි !

colombotoday

මැතිවරණ කොමිසමෙන් ස්වාධීන රූපවාහිනි සේවයට තහනමක්

colombotoday

කොරෝනා එන්නත ඉල්ලා ජනපති ගෝඨාගෙන් චීන ජනාධිපති ෂී ජින්ට ලිපියක්

colombotoday

“මල්ලී.. මම විශ්වාස කරපු කෙනා තමයි ආප්ප කාල පැන්නේ” හිටපු ජනපති ගල්ගමුවේදී

colombotoday