Colombo Today Local News

“අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව.. විනිශ්චයකාරවරු බය කරන්න වරප්‍රසාද කමිටුවට ගෙන්නුවා”

අධිකරණයට බලපෑම් කරන්නේ පාලිමේන්තුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පැක්ටරියක් වගේ පනත් ගෙනාවාට වැඩක් නැතැයි කී කිරිඇල්ල මහතා වැදගත්කම පනත් ගෙන ඒම නොව ඒ පනත් දෙස බලා අධිකරණයට ස්වාධීන විනිශ්චයක් දෙන්න අවස්ථාව තිබෙනවා ද යන කාරණය බවද ඔහු සඳහන් කළේය.

ඡන්ද තියන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් නමුත් ආණ්ඩුව සල්ලි දුන්නෙ නැතැයි කී මන්ත්‍රීවරයා එලෙස කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දියාරු කරන්න නොවේදැයි ප්‍රශ්න කළේය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් විනිශ්චයකාරවරු බය කරන්නට ඔවුන් වරප්‍රසාද කමිටුවට ගෙන්වූ බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

Related posts

එජාප අතහැර බදුර්දීන් තනිවම මහමැතිවරණයට !

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

ඇවන්ගාඩ් ගැන රාජිත මාධ්‍යයට පට්ටපල් බොරු කියලා, අගමැති නොසතුටින්

colombotoday

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin

මුහුදේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday