World

බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයි

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.

තුවාල ලබා රෝහල්ගතව සිටින පිරිස 20 දෙනෙකු පමණ වන බව සඳහන් වේ.

මෙක්සිකෝවේ සියුදාද් මදේරෝ හි පිහිටා ඇති සැන්ටා කෘෘස් දේවස්ථානයේ වහලය කඩා වැටුණු අයුරු කැමරාවල ද සටහන්ව තිබුණි.

බැතිමතුන් ද දේවස්ථානයේ රැඳී සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ඒ තුළ පුද්ගලයින් විශාල පිරිසක් රැඳී සිට ඇති අතර අනතුරත් සමඟ 30දෙනෙකු පමණ ඉන් ඉවතට ඒමට නොහැකිව එහි සිරවූ බව වාර්තා වේ.

ඔවුන් මුදාගෙන ඇත්තේ සහන සේවකයින් පැමිණීමෙන් අනතුරුවය.

වහලය කඩා වැටෙන අවස්ථාවේදී ඒ තුළ ළමුන්ද සිටි බව වාර්තා වේ.

මුදාගැනීමේ කටයුතු සඳහා අසල්වැසියන්ගෙන් ද සහායලැබී තිබේ.

Related posts

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

වසර 50,000 කට වරක් දැකිය හැකි වල්ගා තරුව පෘථිවිය අසලට

Admin

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

Admin

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

ISIS සටන්කාමීන් 200ක් ප්‍රහාර මාළාවකට සුදානමින්

colombotoday

රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි දුන් චෝදනා ප්‍රතික්ෂේප කරයි

Admin