පූගොඩ මණ්ඩාවල ප්රදේශයේ බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනයේදී සැකකරු ද නිවස ආසන්න ප්රදේශයේ ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර ද සොයාගෙන තිබේ.
මියගොස් ඇත්තේ මණ්ඩාවල ප්රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි බිරිඳ සහ 54 හැවිරිදි සැමියා බව පොලීසිය පවසයි.