කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර, ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව වාර්තා වේ.
ඇය මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
ඇය අද(23) අලුයම 01.17ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, එම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබිය දී මෙම මරණය සිදු වී තිබේ.