Colombo Today Local News

ලිහිසි තෙල් හොරකමේ ගිය කෝටිපතියා අත්අඩංගුවට

ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගොඩගම කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙකි.

ඔහු සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම ව්‍යාපාරිකයා විසින් ලිහිසි තෙල් කෑන් එක සොරකම් කර රැගෙන ගිය බවට පැවසෙන සුඛෝපභෝගී රථයද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම සොරකමට සහාය දී ඇති බව පැවසෙන එම වාහන සේවා සපයන ආයතනයේ සේවකයෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

වාහන සේවා සපයන ආයතනයේ හිමිකරු පොලීසිය වෙත පවසා ඇත්තේ මීට පෙරද මේ අයුරින් අදාළ ව්‍යාපාරිකයා ලිහිසි තෙල් කෑන් සොරකම් කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා සහ සුඛෝපභෝගී රථය හොමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday

බියර් මිල අඩු කළේ ජනාධිපතිතුමාගේ “මතින් තොර රටක්“ ප්‍රතිපත්තියට අනුකූලවයි – අධ්‍යාපන ඇමති

colombotoday

මුදල් පනතක් පරාජය නොවී ආණ්ඩුව 99න් බේරෙයි

colombotoday

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය කල්දෙයි

colombotoday

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමේ සුදානමක්

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin