Colombo Today Local News

විජයකලා නිදහස් කරන්න නියෝග

ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද(19)දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

2018 වසරේ කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට මීට පෙර ඇප නියම කර තිබුණි.

මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

Related posts

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

හෙද වෘත්තිය සමිති වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday

පාස්කු ප්‍රහාරයට IS ත්‍රස්තයින් සම්බන්ධ බවට සාක්ෂි නෑ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසයි.

colombotoday

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

අගමැති හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත්කරයි

colombotoday