Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට IS ත්‍රස්තයින් සම්බන්ධ බවට සාක්ෂි නෑ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විර්ශනවලට අනුව පසුගිය පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරට IS ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පවසයි. 

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසවු මෙම ත්‍රස්ත ප්‍රහාරය සමබ්න්ධ පිරිසක් විසින් ඉන්දුනිසියාවේ සිටින තුන්වෙනි පාර්ශවයක් හරහා IS ත්‍රස්තවාදීන්ගේ නායකයාට මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන මෙන් ඉල්ලීමක් කර තිබු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පෙන්වා දුන්නේය.

එම ඉල්ලීම සිදු කර තිබුනේද වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඔවුන් විසින් සිදු කළ විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් විසින් IS මතවාදය ගෙන ගිය බවයි. 

Related posts

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

colombotoday

ෆොන්සේකාගේ මන්ත්‍රීකමට තවත් කොක්කක්! 19 කැඩුවා කියා පාක්‍යසෝති නඩු දමයි

colombotoday

ජනපති රාජාසන කතාව අරඹයි

colombotoday

පිල් මාරුව සූදානම්

colombotoday

අබුඩාබි හි පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

colombotoday

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

colombotoday