නුගේගොඩ ගම්සභා හන්දියේදී බස් රථයක් සහ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
හෝමාගම සිට කොටුව බලා ධාවනය වූ බස් රථයක් මාර්ග සංඥා පුවරුවේ රතු එළිය දැල්වී ඇති අවස්ථාවේ තවත් බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා එම ස්ථානයෙන් පළාගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.