කිරිබත් පාර්සලයක සැඟවු ජෙල් පැකට්ටුවක් තුළ හෙරොයින් පැකට් 29 ක් සගවා කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයක් අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර වෑකඩ ප්රදේශයේ පදිංචි 23 හැව්රිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.
අමුත්තන් පරික්ෂාවේ යෙදුන බන්ධනාගාර නිලධාරිනියකට සැකසිතී කිරිබත් පාර්සලය පරීක්ෂණ කිරීමේදී ඒ තුල ජෙල් පැකට්ටුවක් දමා එහි මිලි ග්රෑම් 138ක බරින් යුත් පැකට් 29ක් සූක්ෂ්මව අසුරා තිබියදී හමුවී ඇති බව පොලිසිය කියයි.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.