Colombo Today Local News

අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වනතුරු පිරිසක් බලා ඉන්නවා

ඊශ්‍රායල,පලස්තීන යුද්ධයෙන්ශ්‍රී ලංකා ආර්ථිකය වැටෙනතුරු පිරිසක් සතුටින් බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එවැනි පිරිසක් ඉන්න රටක දේශපාලන සාක්ෂරතාවය ඉහළ දමන්නේ නැතුව රට ගොඩ ගන්නට බැරි බවද අමාත්‍යවරයා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් මනුෂ නානායක්කාර මහතා මේ බව පැවසීය.

යුද්ධයේ බලපෑමත් සමඟ ලංකාවේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුව කරගෙන යන්න බැරිවෙන තුරු ඒ පිරිස බලා සිටින බව කී අමාත්‍යවරයා අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වීම ඔවුන්ගේ අභිලාසය බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහට රට කරන්න බැරි වෙනවා නම් එය ඔවුන්ගේ ජයග්‍රහණය බව හිතෙන තරමට පහත් තත්වයට මේ කණ්ඩායමේ මානසිකත්වය ඇද වැටී තිබෙන්නේ යැයිද මනුෂ නානායක්කාර මහතා වැඩු දුරටත් සඳහන් කළේය.

Related posts

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

බොහෝ දේශපාලඥයන් භාර්යාව නිසා පිරිහෙනවා.. එලීනාගේ ගුණ වයමින් අගමැති කියයි.

colombotoday

ඉන්ටවල් ඉවරයි… පාතාලය, මත් ජාවාරම මැඩලීම හමුදාවට අතට…!

colombotoday

අට හැවිරිදි මිනිබිරියට දෙවසරක සිට අතවර කළ සීයා අත්අඩංගුවට

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

Admin

ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම මහ බැංකුව ප්‍රතික්ශේප කරයි….

colombotoday