Colombo Today Local News

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

සෞදියේ ගෘහ සේවයට ගොස් සිටි මෙරට කාන්තාවකට ඇය සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එක්වී ශරීරයට පෙට්‍රල් දමා ගිනිතබා තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇත්තේ ගොතටුව නව නගරයේ පදිංචිවී සිටි නයනා දිල්රුක්ෂි නම් 45 හැවිරිදි කාන්තාවකි.

මීට මාස 07කට පමණ පෙර මෙම අවාසනාවන්ත සිදුවීමට තමන් මුහුණ දුන් බව ඇය පවසයි.

මාස ගණනක් සෞදියේ රෝහලක තමන් ප්‍රතිකාර ලබමින් සිටි බවත් පසුව එරට පොලීසියේ මැදිහත්වීමෙන් තමන්ව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බවත් ඇය කීය.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ මාස එකහමාරක පමණ කාලයක් එම රැඳවුම් මධ්‍යස්ථානයේ තමන් ජීවත් වන බැවින් ඉතා ඉක්මනින් තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඇය අයැද සිටී.

නයනා දිල්රුක්ෂි පසුගිය පෙබරවාරි මස 08 වනදා විදේශ රැකියක් සඳහා සෞදියේ රියාද් නගරයට පිටත්ව ගොස් ඇත්තේ කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක සහාය ඇතිවය.

එම විදේශ රැකියා නියෝජිත ආයතනයට ඇය යොමු කර ඇත්තේ තවත් කාන්තාවක් විසිනි.

නයනා දිල්රුක්ෂි සෞදියේ සේවය කර ඇත්තේ මහල් 3කින් සමන්විත නිවසක වන අතර ඇය එම නිවසේ සියලුම වැඩ කටයුතු සිදුකර ඇති අතර එම නිවසේ සිටි කුඩා දරුවන්ව බලා ගැනීමට ඇයට පැවරී ඇත.

මෙලෙස සේවය කරමින් සිටියදී පසු ගිය මාර්තු මස 13 වනදා නිවසේ හිමිකාරිය සහ හිමිකරු විසින් ඔවුන්ගේ දරුවන්ට නිසි ලෙස ආහාර ලබානොදුන් බව පවසමින් ඇයට පහරදී තිබේ.

පසුව එම කාන්තාව විසින් නයනා දිල්රුක්ෂිගේ ශරීරයට පෙට්‍රල් විසිකර ගිනිතබා ඇති අතර ඉන් බේරීමට ඇය කෑගසා තිබුණත් ඉන් ඵලක් වී නොමැත. පසුව නිවෙස්හිමියා ගින්න නිවා, ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහලකට යොමු කර තිබේ.

කෙසේවෙතත් එම නිවසේ හිමිකාර කාන්තාව පොලීසියට පවසා ඇත්තේ, නයනා දිල්රුක්ෂි විසින්ම ඇයගේ සිරුරට ගිනිතබා ගෙන ඇති බවය.

ඇය කියා සිටින්නේ, තමන් එවැන්නක් සිදුනොකළ බවත් විදෙස් රැකියාවකට යොමු වුයේ තමන්ගේ මව රැකගැනීමට සහ නිවසක් සදාගැනීමට තිබු අවශ්‍යතාවය මත බවය.

මේ සම්බන්ධයෙන් නයනා දිල්රුක්ෂිව විදේශ රැකියා නියෝජිත ආයතනයට යොමු කළ අදාළ තැරැව්කාර කාන්තාවගෙන් සිද්ධිය පිළිබඳව විමසීමේදී ඇය පවසා ඇත්තේ තමන්ට පැවරි ඇත්තේ එම විදේශ රැකියා නියෝජිත ආයතනයක කාන්තාවන් යොමු කිරීම පමණක් බවත් ඒ සඳහා තමන්ට මුදලක් ලබාදෙන බවත්ය.

ඉන් පසු අදාළ කාන්තාවන්ගේ වගකීම ඇත්තේ විදේශ රැකියා නියෝජිත ආයතනයට බවත් එම කාන්තාව කියා ඇත.

නමුත් නයනා සිද්දියට මුහුන දුන් කන්තාව කියා සිටින්නේ තමන් මේ සම්බන්ධයෙන් අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනයට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සහ එරට තානාපති කාර්යාලට දැනුම් දුන් නමුත් ඔවුන්ගෙන් ද සාධනීය පිළිතුරක් නොමැති බව ඇය කීය.

අවසානයේ තමන් සේවය කළ මාස කිහිපයට හෝ තමන්ට හිමි වියයුතු වැටුප් මුදලවත් තමන්ට නොලැබුණු බව නයනා දිල්රුක්ෂි සඳහන් කර සිටි.

Related posts

“බෝම්බ වැදුනම බෝධිපූජා තිබ්බ අය මම හිරේ ගියාම කිරිබත් කෑවා” – ෆොන්සේකා අමුතු කතාවක් කියයි.. ඇල්ලේ නාහිමිට නැවතත් ගරහයි

colombotoday

මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා අවස්ථා

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

අතවශ්‍ය කාරණාවකට හැර ත්‍රිකුණාමලය ට පැමිණීමෙන් වළකින්න | නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක්

colombotoday

නඩු 600කට වඩා ඇති මහාධිකරණ 4කට අතිරේක අධිනීතිඥවරු යෙදවීමේ තීරණයක්

colombotoday

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

colombotoday