Colombo Today Local News

වැල්ලම්පිටිය වෙඩිතැබීමේ වෙඩික්කරු පලා යද්දී අල්ලයි

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු ඇතුලු දෙදෙනකු මෝටර් රථයකින් මීගමුව දෙසට පලා යමින් සිටියදි විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසය විසින් මීගමුව කොප්පරාහංදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරු මෙම වෙඩි තැබීම සිදුකිරීම සදහා වෙඩික්කරු ප්‍රවාහන කළ ත්‍රිරෝද රථ රියදුරු බව පොලිසිය පවසයි.

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් (9)වන දින නිවස අසලදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල සහිත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

දෙමටගොඩ ප්‍රදේශයේ මහපරිමාණ මත්කුඩු ජාවරම්කරුවෙක් විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවත්, මත්ද්‍රව්‍ය ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල් වී ඇති බවද පොලිසිය පවසයි.

Related posts

රට යනවනම් වැඩියෙන් ගෙවන්න වෙයි… පාස්පෝර්ට් එකත් අද සිට ගණන් උස්සයි

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ඇරඹෙයි…

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

colombotoday

පන්දාහේ හොර නෝට්ටු 5ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Admin

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක්

Admin