World

ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බවට හමාස් සංවිධානයෙන් තර්ජන

අනතුර ඇඟවීමකින් තොරව පලස්තීන සිවිල් ජනතාව සිටින ප්‍රදේශවලට ඊශ්‍රායලය බෝම්බ හෙලන සෑම අවස්ථාවකදීම, ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවෙකු ඝාතනය කරන බව හමාස් සංවිධානය පවසයි.

පසුගිය දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සාමාජිකයින් පළා යාමේදී, ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස යළි ගසා තීරයට රැගෙන ගියේ ය.

එම පුද්ගලයින් ඝාතනය කරන බවට හමාස් සංවිධානය අනතුරු අඟවා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඔක්තෝබර් 7 වැනි දා, හමාස් සංවිධානය සුක්ෂම මෙහෙයුමක් දියත් කරමින් ඊශ්‍රායලට කඩා වැදුණි.

ඒ සමගින් උත්සන්න වුණු ඊශ්‍රායල – හමාස් ගැටුම හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1500 කට ආසන්නයි.

ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයින් 3000ක් පමණ තුවාල ලබා තිබේ.

මේ අතර හමාස් සංවිධානයට එරෙහිව යුධ වැදීම සඳහා ඊශ්‍රයල හමුදාව හැර ගිය පුද්ගලයින් ලක්ෂ තුනක් පමණ, යළි කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

කොලොම්බියාවේ ජනපති ගිය හෙලිකොප්ටර්යට වෙඩි

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday

උත්සව සමයේ දී ඉතාලිය යළි වසා දැමීමට තීරණයක්

colombotoday