Colombo Today Local News

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන්ට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අදාළ උසස්වීම් ලබා දී ඇත.

ඒ අනුව, එම නිලධාරීන් පිරිස ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.

මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (මේජර්වරුන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර තිබේ.

Related posts

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

colombotoday

මිළ අධික පිළිකා ඖෂධ 10 හා වෛද්‍ය උපකරණ 2ක මිළ නියාමනය කෙරේ…

colombotoday

අංගොඩ ලොක්කාගේ කුඩු බෙදපු උකුස්සා

colombotoday

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday