Colombo Today Local News

වව්නියාව රණවිරු ගමට පැන්න කොටි පිස්තෝල කල්ලියේ සින්නවන් අත්අඩංගුවට !

sinnawan-222

වවුනියාව කොක්එළිය රණවිරු ගම්මානයේ සිංහල වැසියන් පිරිසකට එම ගම්මානයෙන් වහාම පිටව ලෙසට තරජනය කරමින් පුද්ගලයන් පිරිසක් විසින් පසුගියදා (29දා) අවස්ථා දෙකකදී කළ පහරදීමකට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට සැකකෙරෙන සින්නවන් නොහොත් පාක්‍යනාදන් විශ්වනාදන් නමැත්තා ඇතුළු තවත් සැකකරුවෙකු වවුනියාව පොලීසියේ අත්අඩංගුවටගෙන ඊයේ (02දා) සවස වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මේ අතර බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගිය (30)  වනදා වව්නියාවේ පැවති උද්ඝෝෂණය ආරම්භ වීමට පෙර ප්‍රදේශයේ ඉහල පොලිස් නිලධාරීන් හමුවී එම ප්‍රදේශයේ ජිවත් වෙන සිංහලයන්ට මරණීය තර්ජන එල්ලකරන හිටපු කොටි පිස්තෝල කල්ලි සාමාජිකයකු ලෙස හැදින්වෙන සින්නවන් නැමැත්තා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් සිදු කර සිටි අතර උද්ඝෝෂණය පැවති අවස්ථාවේද, නීතිය ක්‍රියාත්මක කර සින්නවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස  රජයට බලකර සිටියා.අනතුරුව කොක්එලිය ප්‍රදේශයේ සංචාරය කල උන්වහන්සේ කොක්එලිය විහාරස්ථානය තුලදී ප්‍රදේශයේ ජනතාව සමග විශේෂ සකජ්ජාවක් සිදු කරනු ලැබුවා. ( එම අවස්ථාවේ දර්ශන පහතින් )

Related posts

රසායනික පොහොර-කෘමිනාශකවල භාවිතයෙන් අහිතකර ‌බලපෑම් අධ්‍යයනයට බළකායක්

colombotoday

පිරිමි දරුවෙක් අපයෝජනය කළ නැටුම් ගුරුවරයා අත්අඩංගුවේ

colombotoday

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

Admin

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

colombotoday

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

colombotoday