හැටන් – කොළඹ මාර්ගයේ තිබූ අවහිරතාවය මේ වනවිට යථාතත්ත්වයට පත්කර ඇතැයි පොලීසිය දැනුම් දෙයි.
ඒ අනුව, ගිනිගත්හේන සහ වටවල පොලිස් වසම් අතර දියගල ප්රදේශයේ 56/2 බෝක්කුව ආසන්නයේ නායයෑම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය අවහිර වී තිබුණි.
එම මාර්ගයේ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇතැයි ද දැනුම් දෙයි.