Colombo Today Local News

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කිරීමට තමා ඇමැති ධූරය දරන තුරු සූදානම් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

කවුරු පහර දුන්නත් අඩියක් හෝ පස්සට යෑමට සූදානම් නැති බවද ඔහු සඳහන් කරයි.

තමා මිනිසුන් මරන්න යැයි නොපැවසූ බව පැවසූ අමාත්‍යවරයා වැටලීම් කරන අවස්ථාවේදී පොලිසියට පහර දුන්නොත් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද සඳහන් කළේය.

කොළඹ මෝදර ප්‍රදේශයේදී පෙරේදා(20) පස්වරුවේ පැවැති ප්‍රජා කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

එවැනි තීරණයක් පාතාලය සහ මත්කුඩු අවසන් නොකළහොත් මේ ප්‍රශ්නය කිසි දිනක විසඳිය නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related posts

හෙරෝයින් කිලෝ 107ක් විනාශ කරයි

Admin

ණය කන්ද ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන ආරංචිය

Admin

සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කුණු කන්ද කඩා වැටුණා.. සිදුවූ ඛේදවාචකය ගැන කණගාටුයි

colombotoday

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

Admin

ප්‍රශ්න කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පිහියෙන් ඇනලා

colombotoday

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday