Colombo Today Local News

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

හාලිඇල ස්ප්‍රීන්වැලිවත්ත අංක පහ කොටස ප්‍රදේශයේ අද(20) දහවල් සිදුවූ නායාමක් හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් දහයක් ආරක්ෂිත පියවරක් වශයෙන් ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙසේ ඉවත්කර ඇත්තේ ස්ප්‍රීන්වැලි වත්ත අංක 5 කොටසේ අංක හතර නිවාස පේළියේ පදිංචිව සිටි පවුල් දහයකි.

නිවාස පේළිය යටින් ඇති ඉවුර නාය යාමක් සිදු වී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ස්ථානය පරීක්ෂාකිරීමට නියමිත බවත් එම ආයතනය ලබා දෙන නිර්දේශයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

මැතිවරණ කාර්යාලය අසලදී හිරුනිකාට හූ සංග්‍රහයක්

colombotoday

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි !

colombotoday

“පක්ෂය විනාශ කරන ඩීල් කාරයේ දෙදෙනෙක්” ගැන එජාප මන්ත්‍රී හේෂා විතානගේ හෙළිකරයි

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

Admin