Colombo Today Local News

දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි ටිරාන්ගේ ප්‍රකාශයකට කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයේ අප්‍රසාදය

පසුගිය දා ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥවරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකරන බව කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සංගමය පවසන්නේ, යම් පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ලෙස තින්දු කරන තෙක් චූදිතයෙකු ලෙස සැලකෙන බවයි.

එවැනි චූදිතයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ චුදිතයෙකුට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥ සහාය ලබාගැනීමේ අයිතියක් පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි.

ටිරාන් අලස් අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වූයේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥවරු බවය.

කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය සිය නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ, නීතිඥ වෘත්තිය රටේ යුක්තිය සාධාරණත්වය මෙන්ම නීතියේ ආධිපත්‍ය රැකගැනීමට කටයුතු කරන වෘත්තීය ක්ෂේත්‍රයක් බවය.

ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥ වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බව ද එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් කරයි.

Related posts

“රක්නා ලංකා” සමාගම, ඇමති ධම්මිකගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin

අවසරය අවභාවිතයෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක්

colombotoday

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

“විදුලිය කප්පාදු කරන මොහොතක විදුලි බිල ඉහළ දැමීම අසාධාරණයි”

colombotoday