Colombo Today Local News

විදුලි රැහැනක් ඇද අලියා මැරුවාට ගොවියා අත්අඩංගුවට

බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කදුරැගස්කඩ, රත්මල්ගහවැව පදිංචි 54 හැවිරිදි ගොවියෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා විසින් කහටගස්දිගිලිය,නෙලුගොල්ලාකඩ,කුරැක්කුරාගම ප්‍රදේශයේ පිහිටි බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහනක් යෙදිම නිසා එම විදුලි රැහැනේ පැටලිමෙන් අවුරුදු 35ක් පමණ වයසැති අඩි 08 ක් පමණ උසින් යුක්ත වන අලියෙකු මිට දින කිහිපයකට පෙර මියගොස් සිටි බව කහටගස්දිගිලිය අඩවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

Related posts

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

විල්පත්තුවේ අනවසර ඉදිකරීම් නවතන්න ගොණුකල පෙත්සමට අධිකරණය ඊයේ දුන් නියෝගය

colombotoday

ජාතික ලැයිස්තුව නොමැතිව කිරිඇල්ල අර්බුදයක

Admin