World

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි ව තිබේ.

ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය.

ඊජිප්තු ජාතික මැතිවරණ අධිකාරියට අනුව, ෆාටා අල් සීසී සියයට 89.6ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.

ෆාටා අල් සීසී ඊජිප්තුවේ හිටපු හමුදාපති වරයාය. ඔහු පළමුවෙන් බලයට පැමිණියේ හමුදා කුමන්ත්‍රණයකිනි. පසුව ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූයේ සිවිල් වැසියකු ලෙස හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසුවය.

ඊජිප්තුව යනු අරාබි ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රාජ්‍යයයි. ඊජිප්තුව ද ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි.

ඊජිප්තු ආර්ථිකයට ඇති එකම ශක්තිය විදෙස් ආධාරය. විදෙස් ආධාර ලබා ගැනීමට අල් සීසීගේ විදෙස් සබඳතා හේතුවක් වී ඇත.

Related posts

ජපානය නැවතත් සෙළවෙයි. රිච්‍ටර් මාපක7ක භූමිකම්පාවක්, සුනාමියක්! – Video

colombotoday

අබිං සහ හෙරොයින් බෙදන ඇෆ්ගනිස්ථානය. – තලේබාන් ත්‍රස්තයින් ආදායම් සෙවූ හැටි.

colombotoday

ජෙට් එයාර්වේස් මූල්‍ය අර්බුදය දරුණු වේ. ගුවන් ගමන් නවතා දමයි

colombotoday

ඔක්ස්ෆර්ඩ් උපාධිධාරි ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමති දැන් ජර්මනියේ පීසා ඩිලිවරි කරයි.

colombotoday

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.

colombotoday

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin