World

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ(27)දින පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ.

කුළුණේ ගුවන් යානය ගැටීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා පොළොවේ සිට අඩි 100 උඩ හිරවී තිබේ. එම ගුවන් යානයේ නියමුවා වූ 65 හැවිරිදි පැට්‍රික් මාර්කල් සහ එහි ගමන් ගත් 66 හැවිරිදි ජැන් විලියම්ස් ඉරිදා රාත්‍රියේ බේරාගත් බවත් ඔවුන් බරපතල තුවාල ලබා සිටි බවත් බලධාරීන් පවසායි.

ඊයේ එරට වේලාවෙන් පස්වරු 5.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති බව පැවැසෙයි.

Related posts

සිරියානු ගුවන්යානයක් ISIS ප්‍රහාරයෙන් විනාශයි – නියමුවා ත්‍රස්තවාදීන් යටතට

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

ඔක්ස්ෆර්ඩ් උපාධිධාරි ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමති දැන් ජර්මනියේ පීසා ඩිලිවරි කරයි.

colombotoday

අගමැති ඉවත් කලත් අර්බුදය අවසන් නැහැ… ඉන්ධන ගන්න සල්ලි නැතිව පාකිස්තානයෙත් විදුලිය කැපෙයි

colombotoday

සූචී නිවාස අඩස්සියට ගෙන මියන්මාර හමුදාව යලි රටේ බලය අල්ලා ගනී. වසරක හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි.

colombotoday