World

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් පවසයි.

පසුගිය සති කීපය පුරාවට ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, රතු මුහුදේ නැව්වලට පහර දෙමින් බාධා කළේය.

ඒ, ඊශ්‍රයල හමාස් අර්බුදයේ දී, ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දක්වමිනි.

රතු මුහුදේ වෙළෙඳ නැව්වලට ආරක්ෂාව ලබාදීමට ඇමෙරිකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින රටවල් අතරට බහරේනය, කැනඩාව, සීෂෙල්ස්, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ඉතාලිය ද අයත් වෙයි.

Related posts

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් 34ක් මරුට – මියගිය අය අතර ළමුන් 20කට වැඩි පිරිසක්

colombotoday

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

කෝවිඩ් 19 මඬින්න නෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමති විපක්ෂයෙන්

colombotoday

සෝමාලියාව Tiktok – Telegram තහනම් කරයි

Admin