පොල් අස්වැන්න පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය පවසයි.
පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළා ය.
පසුගිය වසරේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 3350 කි.
මේ වසරේ එය ගෙඩි මිලියන 2950 දක්වා අඩු වී තිබේ.
මීට ප්‍රධානතම හේතුව වසර 2ක් පමණ පොහොර නොයෙදීම බව ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය ප්‍රකාශ කළා ය.