Colombo Today Local News

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

හංවැල්ල තුම්මෝදර මංසන්ධිය ආසන්නයේදී ඇඟලුම් බස් රථයක රියදුරෙකු අද (15) උදෑසන කපාකොටා ඝාතනය කර තිබේ.

හංවැල්ල පොලීසිය සඳහන් කරන්නේ, ඝාතනයට ලක්වූ පුද්ගලයා අද උදෑසන 5.55ට පමණ බුදුන් වැඳීම සඳහා මල්කඩීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණදී ඇති බවයි.

මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරු යන දෙදෙනාම එකම කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ ගැටුමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවය.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වහා දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගී පළායන අවස්ථාවේදී මීගොඩ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසියට බාරදී ඇත.

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියකි.

අත්අඩංගුවට ගත් සැකකරු තුන්මෝදර නුගේතැන්න ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි.

Related posts

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday

සංජීව ධම්මික සහ ආනන්ද පාලිත ඇප මත මුදාහරී

Admin

බස්නාහිර, ඌව, දකුණ, මධ්‍යම සියළු පාසැල් වසා දැමේ

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥභාවය අහෝසි කරයි…

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවා අද සිට ඩිජිටල් ක්‍රමවේදයට

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට භාර වෙයි….

colombotoday