Colombo Today Local News

වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයෙකු ඝාතනය සම්බන්ධයෙන් ඇප මත සිටින කතන්දිනය සුද්දාගේ ප්‍රධාන ගෝලයකු බව කියන වෑල්ඩින් රුවන් අයිස් මත්ද්‍රව්‍ය සහ ආයුධ ළඟ තබාගෙන සිටියදී අම්බලන්ගොඩ කුලිය ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සන්තකයේ තබාගෙන සිටි බවත් මෙම සැකකරු දැනට විදේශ ගතව සැඟවී සිට සංවිධානාත්මක අපරාධ, පාතාල ක්‍රියාකාරකම් සහ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සෝබනා හන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා ගේ ප්‍ර‍ධාන ගෝලයකු බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

Related posts

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

කොරෝනා ආසාදිතයන් තවත් ඉහලට

colombotoday

“අගමැති ඇතුළු එජාපයට තරු පෙන්නනවා” – නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරන යන බුද්ධ ප්‍රතිමා ආකෘතියක් ගිනි තැබීමේ සිද්ධියේ ඇත්ත කතාව

colombotoday

TNA සජිත්ට සහය ‌දෙන්න ‌හේතුව ‌මෙන්න…

colombotoday

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin