Colombo Today Local News

තවත් චීන නැවක් ලංකාවට එන්න අවසර ඉල්ලයි… ඉන්දීය රජය කනස්සල්ල පළ කරයි

තවත් චීන පර්යේෂණ නෞකාවක් ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.

‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ නම් එම පර්යේෂණ නෞකාව ජනවාරි මස 5 වෙනදා සිට මැයි මාසය තෙක් ඉන්දීය සාගරයේ ගවේෂණයක කටයුත්තක නිරත වීමට නියමිත බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අදාළ කාලය තුළ චින නෞකාව ශ්‍රි ලංකාවේ සහ මාලදිවයිනේ වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිත අතර ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් මෙන්ම මාලදිවයින් රජයෙන් ද ඉල්ලීම් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළකරන ඉන්දීය රජය, සාගර ගවේෂණ කටයුතු සඳහා අදාළ නෞකාවට අවසර ලබාදීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වාදී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු මේ පිළිබඳව සඳහන් කර සිටින්නේ, අදාළ නෞකාවේ පැමිණීම සඳහා මීට මාස කිහිපයකට පෙර චීන රජයෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව තිබූ නමුත් ඒ සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂී යෑන් සික්ස්’ නෞකාව ද පසුගිය ඔක්තෝබර් මාසයේ මෙරටට පැමිණි අතර ඒ සම්බන්ධයෙන් ද ඉන්දීය රජය කනස්සල්ල පළ කර තිබුණි.

Related posts

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

colombotoday

කැන්ටිමේ කෑම විෂ වෙයි! සිසු සිසුවියන් 31 දෙනෙක් හදිසියේම රෝහලට

colombotoday

“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්

colombotoday

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයි

colombotoday

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin