Colombo Today Local News

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

රාගම, වල්පොල, කරිටාස් ප්‍රදේශයේ නිවසකට පැමිණ කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

එලෙස තුවාල ලබා ඇත්තේ, 49 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ මව හා එම අවස්ථාවේ එහි සිටි අසල්වැසි නිවසක පදිංචිව සිටි 17හැවිරිදි තරුණයෙකි.

ඊයේ(14) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 49 හැවිරිදි පුද්ගලයා මාළු වෙළෙඳසැලක සේවය කරන්නෙක් බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් සොයා විමර්ශන අරම්භ කර තිබේ.

Related posts

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙයි

colombotoday

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

ඒව මගේ චරිතය ඝාතනය කරන්න කියන කතා – බැදුම්කර චෝදනා ගැන රවී කියයි

colombotoday

ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි

colombotoday

කොවිඩ් ආසාදියින් කිසිඳු පරීක්ෂාවකින් තොරව දින 10න් වැඩට ගෙන්න ගන්න චක්‍රලේකයක්

colombotoday