Colombo Today Local News

15 හැවිරිදි දරුවෙක් දියේ ගිලී අතුරුදන්

පානම පොලිස් වසමේ පානකුල මුහුදු තීරයේ දියනෑමට ගිය දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

ඒ පිළිබඳව පානම පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 15ක සුමේද මාවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

දරුවා ගනේමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග දියනාමින් සිටියදී දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, පානම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්ව ඇති දරුවා සොයා මෙහෙයුම් දියත් කර ඇත.

පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිටත් කොවිඩ්

colombotoday

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Admin

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday

මාගේ මේ ව්‍යායාමය මුදල් වෙනුවෙන් නොව, රනිල් වික්‍රමසිංහ නම් අසහාය නායකයාගේ නායකත්වය වෙනුවෙනි – දඹර හිමි

colombotoday

පරගහදෙණිය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අනතුරකින් ජීවිතක්ෂයට

Admin