පොළොන්නරුව දියබෙදුම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක දැරියකගේ වම් අතේ වැලමිටේ උඩ කොටස පිලිස්සීමට සම්බන්ධ විසිහතර හැවිරිදි පියකු අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය පවසයි.
පිලිස්සී තුවාලත් දැරිය දියබෙදුම රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
දැරියගේ මව දියබෙදුම පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද දියබෙදුම පොලීසිය කියයි.