Colombo Today Local News

විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය මුදා හැරීමට IMF විධායක කමිටු අනුමැතිය

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ, ශ්‍රී ලංකාව සමඟ් එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ඊයේ (12) රාත්‍රියේ අවසන් කිරීමත් සමගයි.

දෙවැනි වාරිකය යටතේ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 337ක් පමණ හිමිවීමට නියමිතව ඇත.

පසුගිය මාර්තු 20 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා අදාළ විස්තීරණ ණය පහසුකම අනුමත කළේ ය.

ඒ, මෙරට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහය ලබාදීම සඳහායි.

ණය පහසුකම යටතේ මෙරටට හිමි වූ පළමු වාරිකයේ වටිනාකම ඩොලර් මිලියන 330ක් පමණ වේ.

මේ අතර සිය X ගිණුමෙහි සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, දෙවන වාරිකය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබීමත් සමග ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකළ අපට සහනදායි ආර්ථික කලාපයකට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බවයි.

Related posts

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

colombotoday

අද රාත්‍රියේ සිට ලබන සඳුදා තෙක් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි..

colombotoday

සීනි බදු වංචාවේ පරීක්ෂන යලි අරඹයි

Admin

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday