Colombo Today Local News

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

දිවයිනපුරා විදුලිය විසන්ධි වීම පිළිබඳ සොය බැලීම සඳහා බාහිර කමිටුවක් පත් කර තිබේ.

විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරන්නේ, ඊට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු රාජ්‍ය බුද්ධි සේවාවට ද ලබාදී ඇති බවයි.

පසුගිය සෙනසුරාදා පස්වරු 5.10 ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටුණි.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටින්නේ, පැය පහමාරක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බවයි.

දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීමට හේතුව, කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයට අකුණු සැර වැදීමක් බව පසුව ප්‍රකාශ විය.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී එය තහවුරු වූ බවයි.

Related posts

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin

කෝපා කමිටුව අද රැස් වෙයි.

colombotoday

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප මෙන්න..

colombotoday

ත‍්‍රස්ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි.

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday