Colombo Today Local News

කන්දකාඩුවලින් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට

වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 102ක් පොලිස් භාරයට ගෙන තිබේ.

පළාගිය තවත් රැඳවියන් 37ක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ‍ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් පිරිසක් සොයා ඊයේ (11) පස්වරුවේ සිට විශේෂ මෙහෙයුමක් දියත් කෙරිණි.

ඔවුන්ගෙන් විශාල පිරිසක් පොලීසියට භාර වුයේ පොළොන්නරුව පෙරියාරු පාලම අසලදීය.

දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අධිකරණ නියෝග අනුව පුනරුත්ථාපනය සඳහා එම මධ්‍යස්ථානයේ රඳවා සිටී.

Related posts

20 විරෝධයක් ගැන තමන්වහන්සේව දැනුවත්ව කර නෑ – රාමඤ්ඤ මහා නිකායේ මහනායක හිමි කියති

colombotoday

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

colombotoday

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday

කිලිනොච්චියේදී හමුදා නිලධාරීන්ට පහරදීම පෞද්ගලික ආරවුලක් !

colombotoday