Colombo Today Local News

පූනකරි වැවේ ස්ථාපනයට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතියට අනුමැතිය

පූනකරි වැව මතුපිට ස්ථාපනය කිරීමට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පූනකරි වැවේ සිට නව කිලිනොච්චි ග්‍රීඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම ඇතුළුව සියයට සීයක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් සීයක සූර්ය බල ශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා යුනයිටඩ් සෝලර් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමටත් ව්‍යාපෘතිය යෝජනාව ඇගැයීමට සහ බලශක්තිය මිලදී ගැනීමේ ගාස්තු තීරණය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් 2023-9-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ ඊට අදාලව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Admin

මත්තල වී තොග මත්පැන් සමාගමකට විකුණලා! ‘සමාගමේ නම මට මතක නෑ’ – ඇමති හැරිසන්

colombotoday

විධායකය අහෝසියට මහින්ද-ජවිපෙ සාකච්ඡා ලබන සතියේ…

colombotoday

මෙවර මැතිවරණ අපේක්ෂකයන්ගෙන් 80% කටම මත්පැන් තැබෑරුම්

colombotoday

ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..

Admin