Colombo Today Local News

විමල් වීරවංශට නොතීසි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ හෙට (13)දින පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12)දින නියෝග කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇතැයි තමාට දැනුම්දුන් බවය.

විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය අද (12) දින නිකුත් කිරීමට නියමිතව තිබුණි.

Related posts

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday

බිත්තර වලට යළි උපරිම මිලක්

Admin

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday

ඇවන්ගාඩ් මාර්ගයෙන් ගෝඨාබය හිර කරන්නයි හැදුවේ – විජේදාස රාජපක්ෂ

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday