Colombo Today Local News

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගන්න මේ අංකවලට අමතන්න

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය යළි ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු ව ඇති අතර එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකරන බවයි.

මේ අතර, ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දුරකතන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව සාමාන්‍ය සේවා යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිය ඉල්ලුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත්නම් 0115 226 126 හෝ 0115 226 100 යන දුරකථන අංක ඇමතීමෙන් හැඳුනුම්පත් ලබා ගැනීම කඩිනම් කර ගැනීමට හැකි.

එමෙන්ම හැඳුනුම්පත් ලබා ගැනීමට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන ඉල්ලුම්කරුවෙක් වේ නම් ඔවුන් ද ඉහත දුරකථන අංක ඇමතීමෙන් දිනයක් හෝ අංකයක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ස්විස් තානාපති කාර්යාල සිද්ධියේ පරික්ෂණ වාර්තා අද අධිකරණයට

colombotoday

උතුර-නැගෙනහිර ඒකාබද්ධකර බලය බෙදීම අපේ එකම අරමුණයි, රජයත් එවැනි විසදුමකට පොරොන්දු වුණා – සුමන්තිරන්

colombotoday

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

අනුර හමුවෙන්න එන ධන කුවේරයා

Admin

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday