6 April 2025
Colombo Today Local News

තවත් ග්‍රාම නිලධාරී වසම් 2ක් හුදකලා කෙරේ

අද (29)දින උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහින්දසෙවන නිවාසසිංකීර්ණය හැර සෙසු කොටස් හුදකලා කර තිබේ.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශයට අයත් ගල්බොරැල්ල 100වත්ත ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක හුදකලා භාවය ඉවත් කර තිබේ.

හුදකලා භාවය ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,
කලුදමද
හපුගස්තලාව
වීරපුර
පහළ ගොරකඔය

ගම්පහ දිස්ත්‍රික්කය

බියගම පොලිස් බලප්‍රදේශයේ,
යටිහේන ග්‍රාම නිලධාරී වසම් පහත සඳහන් ප්‍රදේශ හැර සෙසු කොටස් හුදකලා බව ඉවත් කර තිබේ.

*පොල්හේන පාර
*ලේක්විව් පාර
*ආයෝජන මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක්

මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ,

සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ පහත ප්‍රදේශ හැර සෙසු කොටස් හුදකලා බව ඉවත් කර තිබේ.

*උපුල් වසන්ත මාවත
*දේවාල පාර
*ආරියදාස විතානගේ මාවත
*ආරියදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය
*සියඹලාපෙවත්ත කඳුබොඩ පාර

ගාල්ල දිස්ත්‍රික්කය

ඉඳුරුව පොලිස් බලප්‍රදේශයේ,
ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුව ගම

අම්පාර දිස්ත්‍රික්කය

සමන්තුරේ පොලිස් බලප්‍රදේශයේ,
නව වලතපිටිය ගම්මානය

මඩකලපුව දිස්ත්‍රික්කය

වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ,
මීරවෝදි නැගෙනහිර 207
මීවෝදි බටහිර 207 B
මැන්චකෝලායි බදුරිය 207 A

Related posts

අනුරුද්ධ පොල්ගම්පොල අත්අඩංගුවට ගනී

colombotoday

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ICCයට එවූ කිසිදු ලිපියක තොරතුරු නෑ – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි රෙකොර්ඩ් කරන්න හවුල් උලමා සභාවේ නීතිඥයාට අධිකරණ කටයුතු තහනම් කෙරේ

colombotoday

වටරැක විජිත හිමියන්ට වතුර බෝතලයකින් පහරදුන් මහියංගන ප්‍රා සභා සභාපති අත්අඩංගුවට

Admin

ගාල්ලේ පුංචි මන්ත්‍රී ගොඩම මහින්දට.. ශ්‍රිලනිප යත් අතහරින්න සූදානම්

colombotoday

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

colombotoday