Colombo Today Local News

තර්ජණයට පත් උතුරේ සිංහල වැසියන්ගෙන් ජනපතිට ඉල්ලීම් 8ක් !

14480574_1803270323221535_1051956005990983972_o-copyජාතිවාදය අවුස්සමින් ව්‍යවස්ථා විරෝධිව කටයුතු කටයුතු කරන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් ඇතුළු ජාතිවාදී, බෙදුම්වාදී බලවේගවලට එරෙහිව “උතුර රකින රට සුරකින ජාතික බලවේගය“ අද වව්නියාවේදී විරෝධතාවයක නිරත විය.

එම විරෝධතාවය සදහා බොදු බල සේනා, රාවණා බලය ඇතුළු ජාතික සංවිධාන, උතුරු පළාතේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා, වව්නියාව බෝගස්වැව ගම්මාන 6 නියෝජනය කරමින් එහි වැසියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

විරෝධතාවය අවසානයේ, උතුරේ තර්ජණයට ලත් සිංහල වැසියන් වෙනුවෙන් “උතුර රකින රට සුරකින ජාතික බලවේගය“ සංවිධානයේ කැඳවුම්කරු නන්දසේන වීරසිංහ මහතා විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, උතුරු පලාත් ආණ්ඩුකාරවරයාට ලබා දීම සදහා සංදේශයක් ඉදිරිපත් කරන ලදි.

01. ජාතික ආරක්ෂාව උදෙසා උතුරු නැගෙනහිර පිහිටි හමුදා කදවුරු ඉවත් නොකිරීම.

02. උතුරු – නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් පාලනයක් ඇති නොකිරීම.

03. උතුරු – නැගෙනහිර නැවත පදිංචිකිරීම් සිදුකිරීම හා සිංහල ජනතාව ඉවත් නොකිරීම හා, මෙම ගම්මානවල ඉඩම් බලපත්‍ර ලබා දෙමින් සංවර්ධන කටයුතු කඩිනම් කිරීම.

04. විහාරස්ථාන, බුදු පිළිම විනාශ කරන කණ්ඩායම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම.

05. ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පවත්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් ජාතිවාදය, බෙදුම්වාදය ඇතිකරන උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා හා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා සහ බෙදුම්වාදී රැළියට නායකත්වය දුන් සියළු දෙනා අත්අඩංගුවට ගැනීම.

06. උතුරු පළාත්සභාව විසුරුවා හැර එහි බලය ආණ්ඩුකාරවරයාට පැවරීම.

07. උතුරු පළාත්සභාවෙන් ඉටු නොවන නැවත පදිංචි කිරීම් හා උතුරේ සිංහල ගම්මානවල සංවර්ධන කටයුතු මධ්‍යම ආණ්ඩුව හරහා සිදුකිරීම.

08. පළාත් සීමා නීර්ණය තුළින් බොගස්වැව ගම්මාන කළාපය උතුරු පළාතෙන් ඉවත් කිරීමට ගෙන ඇති පියවර නවතා අත්හිටුවා, වව්නියාව දකුණු, බොගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇති කිරීම.

යන කරුණු මූලිකකරගත් ඉල්ලීම් කිහිපයක් එමගින් අවධාරණය කර තිබිණි.

14492506_892053060928301_3681266036537535219_n14484978_695724020596847_361971440049690891_n14445226_1803270186554882_717762569502354749_o

Related posts

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

colombotoday

ත්‍රිවිල් ඉස්සූ හතරක් අත්අඩංගුවට. අවුරුදු 14ක සැකකරුවෙකුත් ඒ අතර

colombotoday

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday

ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කලා – ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව හෙට

colombotoday

බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්

Admin

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday