Colombo Today Local News

“රාජපක්ෂට තඩිබානව.. රාජ්‍ය සම්පත්ටික විකුණන් කනව.. මේ ආණ්ඩුව කරන්නේ මෙච්චරයි“ – ජවිපෙ අනුර

Anura sissanayake

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුව පිළිතුර ලෙස සොයා ගෙන ඇත්තේ රාජ්‍ය සම්පත් විකිණීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

එ් සම්බන්ධව අදහස් දැක්වූ දිසානායක මහතා, “දෛනික වශයෙන් ගත්තොත් ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුධයක ගිලිලා ඉන්නේ. ඒක අපි නෙවෙයි ඒගොල්ලො දැන් කියනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට කියන්න ඒවා නෑ. දැන් තඩි බාන්න කෙනෙක් ඉන්නවා. රාජපක්ෂ තමයි මේ අපරාධ කළේ. රාජපක්ෂට පෙන්නන්න හිටියා ප්‍රභාකරන්. මේගොල්ලෝ එක උත්තරයක් විදියට මේකට තෝරගෙන තියෙන්නේ අපේ රටේ රාජ්‍ය සම්පත විකිණීම.” යනුවෙන් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ තෙල් සංස්ථාව අකාර්යක්ෂම යැයි කියමින් එය විකිණීමට කටයුතු කරන්නේ නම් පොලීසිය, බන්ධනාගාරය මෙන්ම ආණ්ඩුව ද විකිණිය යුතු බවයි.

Related posts

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

colombotoday

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday

සුදුසුකම් නොලත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් 17 දෙනෙකු තානාපති සේවයට – ගයන්ත කරුණාතිලක

colombotoday

දර්ගා නගරයේදී පහර කෑ සෞඛ්‍ය සේවකයන් රෝහලේ.. අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පොලීසිය කර අරී

colombotoday

ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු භූමදානයකටද?

Admin

14 අවසන් වීමට තිබූ ඇඳිරිනීතිය 16 දක්වා දීර්ඝ කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday