Colombo Today Local News

කෝටි 100 කුඩු ජාවාරමේ කප්පිත්තා, මොහොමඩ් මුවාස් කටුණායකදී අල්ලයි

cover10

දකුණු මුහුදේදී පොලිස් භාරයට ගනු ලැබූ යාත්‍රාවේ තිබී සොයාගත් රුපියල් කෝටි 100කට අධික වටිනාකමින් යුතු කුඩු තොගය මෙරටට ගෙන්වූ ජාවාරමේ මහමොළකරු කටුනායක ගුවන් තොටුපලේදී අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු කළුබෝවිල පදිංචි මොහොමඩ් මුවාස් මොහොමඩ් නමැත්තෙකු වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ මොහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බවයි.

ලංකවට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් දකුණු මුහුදේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුවයි.

අදාළ යාත්‍රාවේ සිටි පකිස්ථාන ජාතිකයෙකු සහ ඉරාන ජාතිකයන් දස දෙනෙකු ඇතුළුව 14 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday

ඇනහිට තිබූ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

colombotoday

ට්‍රක් රථයක ගැටී පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

colombotoday

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

colombotoday

“මෛත්‍රීපාල කිසි වැඩකට නැති මිනිහෙක්” – රතන හිමි

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin