Colombo Today Local News

බමුණු කුලයේ දොස්තරලා යහපාලනය කනවා.. ඔවුන්ට වැඩි වරප්‍රසාද දුන්නොත් විරෝධතා – සමන් රත්නප්‍රිය

saman rathnapriya

රටේ නීතිය හා අයිතිවාසිකම් සැමට එක සමාන විය යුතු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ට පමණක් විශේෂ වරප්‍රසාද ලබාදුන්නහොත් සිවිල් සංවිධාන හා එක්ව දැවැන්ත විරෝධතාවක් එල්ල කරන බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය පාලන කාලයේ දී බමුණු කුලයක් ලෙස කටයුතු කරමින් රටේ නීතියට යටත් නැති විශේෂ කණ්ඩායම් ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් ඔවුන් කටයුතු කළ බවත් ඒ යටතේ එම වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් හිමිවු බව ද සඳහන් කරන රත්නප්‍රිය මහතා වෛද්‍යවරයකු වැරැද්දක් කර අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ නිර්දේශ අවශ්‍ය වුණු අතර රාජපක්ෂ රජය යටතේ විශේෂ වරප්‍රසාද මේ අයට හිමිවු බව ද සඳහන් කරයි.

දේශපාලන හිතවත්කම් යටතේ රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරී සංගමය නීතියට පිටින් කණ්ඩායමක් ලෙස පෙනී සිටි අතර ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, අමු අමුවේ උල්ලංඝනය වුණු බව ද පවසයි. කැලෑ නීතිය රජකරමින් සියලු වරප්‍රසාද භුක්ති විඳීමට ඔවුන් කටයුතු කළ බව ද දැන් ඔවුන් තම දරුවන්ට හොඳ පාසල් ඉල්ලමින් කරළියට පැමිණ අධ්‍යාපන අමාත්‍යාංශයට කඩාපැන ලොකු කලබලයක් ඇති කළ බව ද සඳහන් කරන රත්නප්‍රිය මහතා මේ අය ඉතිහාසයේ සිට කළ වැරැදි දැන්වත් නිවැරැදි කළ යුතු බව ද පවසයි.

මේ අයට විශේෂ වරප්‍රසාද දීම පිළිබඳ තමන් එකඟ නොවන අතර රටේ සියලු ජනතාවට එක සමාන වරප්‍රසාද දෙන ලෙස ආණ්ඩුවට හා විධායකයට බලකර සිටින බව ද එසේ නැතිවුණොත් සිවිල් සංවිධාන ලෙස වත්මන් රජයටත් දැවැන්ත විරෝධතාවක් එල්ල කරන බව ද සඳහන් කරයි.

– Dinamina

Related posts

පාසල් දරුවන්ට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිලට පොත්

Admin

අසාද් සාලි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට සැකපිටයි | මහජන ආරක්ෂක ඇමති කියයි.

colombotoday

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday

අත්තනගලු ඔයේ ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයක

Admin

එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ නිල වශයෙන් ඉල්ලයි

colombotoday

අද සිට උපකාරක පන්ති තහනම්

Admin